අපේ ගණිත පන්තිය
පද්ධතියට පිවිසීමට
හිතවත් දෙමව්පියනි,ආදරණිය දු දරුවනි..
පුරා වසර 6ක කාලයක් ගුරු වෘත්තියේ නියැලෙමින් 6-7-8-9-10-11 දරු දැරියන්ට
ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදී ගණිත විෂයය අසමත් නොවීA,B,C සාමාර්ථයන් ඔවුන් හට ලබා ගැනීමට මගපෙන්වීමට ගුරුවරයෙකු ලෙස මාහට හැකි විය.
ඇතැම් දරුවන් ඉතා අඩු දැනුමකින් යුක්තව මාවෙත පැමිණියත් ඔවුන්ගේ දුර්වලතා මැනවින් හදුනාගෙන කෙටි කාලයක් තුලදී ඔවුන් බලාපොරොත්තු වූ ප්‍රතිපලය ලගා කර දීමට
මා උපරිම වෙහෙසෙන්නෙමි.
ගණිත විෂයය දුර්වල සිසුන්ට මෙම App මගින් තනිවම ඉගෙන ගැනීමට Video පාඩම්, ප්‍රශ්ණ පත්‍ර එක් කර ඇති අතර එමගින් සිසුන් හට තමන්ට පහසු කැමති වේලාවක ඒවා අධ්‍යනය කර නොතේරුන පාඩම් කොටස් පිළිබද මාගෙන් අසා ඒවා නිරාකරණය කරගැනීමට අවස්ථාව ලබා දී ඇත.
අපගේ විධිමත් වැඩපිළිවෙල ..
සෑම මසකම ලබාදෙන හරවත් නිබන්ධන පෙළකින් පාසල් විෂය නිර්දේශය ආවරණය කිරීම.
සෑම දිනකදී උගන්වන පාඩමෙන් සකස් කෙරෙන ප්‍රශ්න පත්‍රයක් ලබා දීම.
ගෙදර වැඩ සදහා වෙනම පොතක් කරවීම හා මා විසින් එය පරික්ෂා කර නොතේරුණු පාඩම් තිබේනම් දැරුවාට පැහැදිලි කර දීම.
සෑම වාර විභාගයකටම පෙර ප්‍රශ්න පත්‍ර කට්ටලයක් සාකච්ඡා කිරීම.
මා විසින් ඔබ වෙත ලබා දෙන App එකට පිවිස දරුවාගේ පන්තියේ
කෙරෙන ප්‍රශ්න පත්‍ර වල ලකුණු මට්ටම බලාගත හැකිවීම හා එමගින් දරුවා
පිළිබද නිගමනයකට පැමිණිය හැකිය.
පන්තියේ දුර්වල සිසුන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම හා අවශ්‍යය පාඩම් හා ගැටළු වෙනම කරවීම.
පන්තියේදී සාකච්ඡා කරන පාඩම නැවත ආවර්ජනය කිරීමට
“ Ape Ganitha Panthiya ” යූ ටියුබ් නාලිකාව භාවිතයට ගත හැකි වීම.